පුද්ගලික ආරවුලක් දුරදිග ‍යාමෙන් අයෙක් මරුට

Share

ඊයේ (16) දිනයේ රාත්‍රී කාලයේදී මතුගම පොලිස් වසමේ වෝගන්වත්ත ඉහළ කොටස ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදීමක් හේතුවෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇතැයි වාර්තා වී තිබෙනවා. මරණකරු වයස අවුරුදු 41 ක් වූ අතර ඔහු වෝගන්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මරණකරු අවමංගල්‍ය උත්සවයකට සහභාගී වී නැවත නිවස වෙත පැමිණෙමින් සිටියදී අතරමඟ දී රැක සිටි පුද්ගලයෙකු විසින් ඔහුට පහරදී ඇති බවයි. මෘත ශරීරය නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙන අතර ඝාතනය සිදුකළ සැකකරු මේ වනවිට හඳුනාගෙන ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගැනීමට මතුගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටින බවට‍යි වාර්තාවන්නේ.

Read more

Local News