වන අලියාට ගිනි තැබූ සැකකරුවන් තිදෙනා දැලේ

Share

මිහින්තලය, සීප්පුකුලම ප්‍රදේශයේදී වන අලියෙකුට ගින්නෙන් පුලුස්සා වධහිංසා පමුණුවන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ පසුගියදා සංසරණය වී තිබුණා. අදාළ හිංසනයට ලක්වූ වන අලියා සීප්පුකුලම ප්‍රදේශයේදීම මියගොස් ඇති අතර, ඒ සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වූයේ වකුගඩු හා අක්මාවේ රෝගී තත්ත්වයන් මෙන්ම ගින්නෙන් ඇති වූ භීතිය (Shock) මරණයට හේතු වී ඇති බවයි.

සත්ව හිංසනය සම්බන්ධ මෙම අපරාධය සිදුකළ බවට සැකපිට එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 42, 48 සහ 50 යන වයස්වල පසුවන පුද්ගලයන් තිදෙනෙකු ඊයේ (17) දින මිහින්තලය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (18) දින අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News