ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර්, අද (23) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමට නියමිතයි. දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ශ්‍රී ලංකාවට ඉන්දීය රජයේ සහයෝගය තහවුරු කිරීම අරමුණු කරගත් මෙම සංචාරයේදී ඔහු අග්‍රාමාත්‍යවරිය සහ විදේශ අමාත්‍යවරයා ද හමුවීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.




