ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරඟය අද පස්වරුවේ

Share

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය අද (19) පස්වරු 3.00 ට ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි. කණ්ඩායම් දෙකම මේ වන විටත් ‘සුපිරි 8’ වටයට සුදුසුකම් ලබා ඇති අතර, අද තරගයේදී ශ්‍රී ලංකා සංචිතයේ වෙනස්කම් කිහිපයක් සිදුවීමට නියමිතයි. එමෙන්ම ශ්‍රී ලංකාව සහභාගී වන සුපිරි අටදෙනාගේ වටයේ පළමු තරගය ලබන 22 වනදා පල්ලේකැලේදී එංගලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

Read more

Local News