බොරැල්ලේ පුද්ගලික ආරවුලකින් 33 හැවිරිදි තරුණයෙකු මරුට

Share

ඊයේ(03) දින අළුයම බොරැල්ල පොලිස් වසමේ හල්ගහවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවට බොරැල්ල පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා. මරණකරු අවුරුදු 33 ක් වූ බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මරණකරු හා පහරදීම සිදුකල පුද්ගලයා අතර ඇති පුද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවටයි සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට බොරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනබ් අවටයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Read more

Local News