ඊයේ (15) දින උදෑසන මාතලේ පොලිස් වසමේ මාතලේ වැහිගල මාර්ගයේ කඩුවෙල ප්‍රදේශයේදී මඩෙහි එරෙන ලද ලොරි රථයක් බූම් ට්‍රක් රථයක් ආධාරයෙන් නැවත මාර්ගයට ගැනීම සඳහා අනාරක්ෂිත ලෙස මාර්ගය හරහා ඇද තිබූ කේබලයක, වැහිගල දෙස සිට කඩුවෙල දෙසට ධාවනය වූ යතුරුපැදියක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් පැදිකරු බරපතල තුවාල ලබා එම ස්ථානයේම මියගොස් ඇති අතර යතුරුපැදියේ පිටුපස ගමන් කල පැදිකරුගේ වයස අවුරුදු 14 ක් වන දරුවන් දෙදෙනා තුවාල ලබා මාතලේ රෝහල වෙත ඇතුලත් කර ඇති බවටයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ. මරණකරු වයස අවුරුදු 48 ක් වූ වැහිගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. බූම් ට්‍රක් රථයේ රියදුරු හා ලී මෝල් හිමිකරු බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කර තිබූ එම දැව පැටවූ ලොරි රථයද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් මාතලේ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.



