නිවසක් තුළ පුද්ගලයෙකු සැකකටයුතු ලෙස මියයයි

Share

තඹුත්තේගම, යාය 05 රාජාංගනය ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකු තම නිවස තුළ සැකකටයුතු ලෙස මියගොස් සිටියදී සොයාගෙන ඇති අතර, ඒ පිළිබඳව ලද තොරතුරක් මත තඹුත්තේගම පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර තිබෙනවා. දැනට මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක බවටයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.

Read more

Local News