ඇමරිකාව හා ඉරානය සාම ගිවිසුමේ මාර්ග සිතියම සම්බන්ධව අවසන් එකඟතාවයක් – පාකිස්ථාන අගමැති‍

Share

ඇමරිකාව හා ඉරානය සාම ගිවිසුමේ මාර්ග සිතියම සම්බන්ධව අවසන් එකඟතාවයකට පැමිණේ. ‍ඇමරිකාව හා ඉරානය අතර ස්විට්සර්ලන්තයේදී පැවති ඉහළ පෙළේ සාකච්ඡා අවසන් වී ඇතැයි පාකිස්ථාන අග්‍රාමාත්‍ය Muhammad Shahbaz Sharif‌ මහතා ඊයේ (22) ප්‍රකාශ කළේ ය. දින 60ක් ඇතුළත සාම ගිවිසුමේ මාර්ග සිතියම සම්බන්ධව අවසන් තීරණයකට එළඹීම වෙනුවෙන් පැවති සාකච්ඡාවලදී සියලු පාර්ශ්වයන් පොදු එකඟතාවයකට පැමිණි බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ ය.
මේ අතර, ස්විට්සර්ලන්තයේදී න්‍යෂ්ටික ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡා නොපැවැත්වූ බව ඉරානය කියා සිටී. ජගත් නීතියට අනුකූල වන පූර්ව කොන්දේසිය යටතේ හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය ඉරානය වෙත පැවරෙනු ඇති බවත්, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය සමග පවතින සම්බන්ධතා දැනට ක්‍රියාත්මක පරිදි අඛණ්ඩව පවත්වා ගනු ඇති බවත්, ඉරානය පවසයි.
මේ වන විට ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව දින 60ක සාමාන්‍ය බලපත්‍රයක් නිකුත් කර ඇත. එම බලපත්‍රයට අනුව ලබන අගෝස්තු මස 21වැනි දා දක්වා ඛනිජ තෙල් නිෂ්පාදනය, බෙදා හැරීම හා විකිණීම සඳහා ඉරානයට අවසර ලබා දී තිබේ.

Read more

Local News