කතානායක ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද පෙරවරුවේ රැස්වුණා. 2020 වසරේදී ඉදිකිරීම් ආරම්භ කළ නාවල රාජගිරියේ ඇළ මාර්ගය යා කරමින් ඉදි කෙරෙන නව පාලම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුවුණා. අතිශය සංවේදී තෙත් කලාපයක ඉදිවන මෙම නව පාලම මුදල් නාස්ති කරමින් ඉදිවූ එකක් බවයි නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන ප්‍රකාශය කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



