ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස ලෝක බැංකුව යළි නම් කරයි

Share

ශ්‍රී ලංකාව 5% ක දළ දේශීය නිෂ්පාදිත වර්ධනයක් වාර්තා කිරීමත් සමඟ ලෝක බැංකුව විසින් රට නැවතත් ඉහළ මැදි ආදායම් ලබන මට්ටමට වර්ගීකරණය කර තිබෙනවා. මේ අතර, මෙරට සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව (ADB) එක්ව ඇමරිකානු ඩොලර් මිලියන 350 ක මූල්‍ය ආධාර අනුමත කර තිබේ. ඉන් ඩොලර් මිලියන 200 ක් වෙන්ව ඇත්තේ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානි වූ මාර්ග, වාරිමාර්ග, නිවාස ප්‍රතිසංස්කරණය සහ කුඩා වතු හිමියන්ගේ ජීවනෝපාය නැංවීම සඳහා වන ආසියානු සංවර්ධන බැංකුවේ හදිසි ආධාර පැකේජයක් ලෙස වන අතර, ඊට ඩොලර් මිලියන 100 ක සාමාන්‍ය ණයක්, ඩොලර් මිලියන 100 ක සහනදායී ණයක් සහ ඩොලර් ලක්ෂ 5 ක තාක්ෂණික ප්‍රදානයක් මීට ඇතුළත්. (මෙම ව්‍යාපෘතිය ADB උපදේශක සහාය ඇතිව අදාළ රජයේ ආයතන හරහා ක්‍රියාත්මක වේ). ඉතිරි ඩොලර් මිලියන 150 ක ප්‍රතිපාදනය ලෝක බැංකුව විසින් අනුමත කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ආයෝජන දිරිගැන්වීම, තරගකාරිත්වය සහ රැකියා උත්පාදනය ඉලක්ක කරගත් ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ උදෙසායි.

Read more

Local News