චීන කොමියුනිස්ට් පක්ෂය ස්ථාපිත කිරීමේ 105 වන සංවත්සර සැමරුම් උත්සවයේදී පක්ෂ මහලේකම් ෂී ජින් පිං මහතා පැවැත්වූ වැදගත් දේශනය, නව යුගයේ නව ගමනේදී චීන ජනතාවට චීන කොමියුනිස්ට් පක්ෂ නායකත්වය යටතේ අඛණ්ඩව අරගල කිරීම සඳහා පැහැදිලි දිශානතියක් පෙන්වා දෙන බව ජාත්‍යන්තරයේ මතයයි. එහිදී ලෝක සාමය හා සංවර්ධනය මෙන්ම මානව ශිෂ්ටාචාරයේ ප්‍රගතිය සඳහා චීන දැනුම හා ශක්තිය වැඩි වශයෙන් දායක කළ යුතු බව චීන ජනපති අවධාරණය කර ඇතැයි ඔවුන් පෙන්වා දෙයි.
මෑත වසර තුළ, ෂී ජින් පිං මහතාගේ කැපී පෙනෙන නායකත්වය යටතේ, චීනය නව බලශක්ති සහ හරිත කර්මාන්ත වැනි බොහෝ ක්ෂේත්රයන්හි ප්රමුඛ ස්ථානයක් අත්කර ගෙන ඇතැයි ලාඕස විදේශ කටයුතු ආයතනයේ උප අධ්යක්ෂ Asoka Lasanth මහතා පැවසීය. පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම පිළිබඳ ෂී ජින් පිං මහතාගේ සංකල්පය, අධ්‍යයනය කිරීම මෙන්ම ඒවා උපයෝගී කර ගැනීම ලාඕසය ඇතුළු බොහෝ රටවලට ඉතා වැදගත් බව හෙතෙම සඳහන් කළේය.
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා කැපී පෙනෙන හා ශ්‍රේෂ්ඨ නායකයෙකි. රටේ පාලනය පිළිබඳ ඔහුගේ අදහස් චීනය ඉදිරියට ගෙන ගොස් ඇති අතර ඒවා තමාට ද අධ්‍යයනය කළ හැකි ආදර්ශවත් අදහස් බව කොංගෝ ජනරජයේ කම්කරු පක්ෂයේ නිත්‍ය ලේකම් Parfait Iloki මහතා පවසයි.
චීන කොමියුනිස්ට් පක්ෂය සැමවිටම කරුණු පාදක කරගනිමින් සත්‍යය සෙවීමේ ක්‍රමවේදයට අනුගත වන අතර පක්ෂයේ සහ ජනතාවගේ අරමුණ නිවැරදි දිශානතියක් ඔස්සේ ඉදිරියට යාම සහතික කරන බව ෂී ජින් පිං මහතා සිය දේශනයේදී සඳහන් කළ බවත්, එය තම මතකයේ හොඳින් ඇති බවත් නයිජීරියාවේ ජාතික තරුණ නායක Abdullahi Israel මහතා කියා සිටියේය. එමෙන්ම චීන කොමියුනිස්ට් පක්ෂය අඛණ්ඩව එහි ශක්තිමත්භාවය පෙන්නුම් කිරීමට මූලික හේතුව, ජනතාව කේන්ද්‍ර කරගනිමින් යුගයට ගැළපෙන ක්රමෝපායන් සමඟ ඉදිරියට යාම ස්ථීරව පවත්වා ගනිමින්, තම ගොඩනැගීම අඛණ්ඩව ශක්තිමත් කිරීම බව ද හෙතෙම වැඩදුරටත් පැවසීය.



