භූකම්පනයෙන් විපතට පත් වෙනිසියුලානුවන් සඳහා චීනයේ ප්‍රථම සහනාධාර තොගය ගුවන් මඟින් ප්‍රවාහනය කෙරේ

Share

වෙනිසියුලාවට බලපෑ ප්‍රබල භූමිකම්පාවෙන් අවතැන්වූවන් සඳහා චීනය ලබා දෙන සහායන්ට අදාළ ප්‍රථම මානුෂීය සහනාධාර සැපයුම් තොගය ඊයේ (05) රාත්‍රියේ බෙයිජිං අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට සිවිල් ගුවන් යානාවකින් වෙනිසියුලාවේ Caracas අගනුවර වෙත රැගෙන යනු ලැබීය.
මෙට්‍රික් ටොන් 80ක් බරැති මෙම ආධාර තොගයට, විදුලි උත්පාදන යන්ත්‍ර 20ක්, ජල පවිත්‍ර වාහන 08ක්, සූර්ය බලශක්ති විදුලි ජනන පහසුකම් යන්ත්‍ර 200ක් සහ කූඩාරම් 1700ක් ඇතුළත්ය. තවත් සහනාධාර සැපයුම් තොග කිහිපයක් එරට වෙත නුදුරේදී ප්‍රවාහනය කිරීමට ද අපේක්ෂා කෙරේ.
වෙනිසියුලාවේ ජාතික සභා සභාපති Jorge Rodríguez මහතා ඊයේ (05) සමාජ මාධ්‍ය ඔස්සේ පැවසුවේ, පසුගියදා එරටට බලපෑ දරුණු භූමිකම්පාවෙන් 3342 දෙනෙකු මියගොස් තවත් 16,740 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

Read more

Local News