චීන ජාතික ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශක ජ්‍යේෂ්ඨ කර්නල් Jiang Bin මෑතකාලීන හමුදාමය කටයුතු සම්බන්ධ ගැටලු පිළිබඳ තොරතුරු අද (14) පස්වරුවේ ඉදිරිපත් කළේය.
එම වාර්තාවන්ට අනුව,ජපාන ස්වේච්ඡා ආරක්ෂක හමුදා සැප්තැම්බර් මාසයේ 08 වැනිදා සිට 24 වැනිදා දක්වා ජපානය පුරා විවිධ ස්ථානවලදී ඇමරිකානු සහ ඔස්ට්‍රේලියානු හමුදා සමග ඒකාබද්ධ යුද අභ්‍යාසවල නිරත වෙමින් සිටී. ඇමරිකාවේ Typhon අතරමැදි දුර මිසයිල පද්ධතිය ද මෙම අභ්‍යාසයට ප්‍රථම වරට යොදා ගනු ඇත.
මෙම යුද අභ්‍යාසය මගින් උපායමාර්ගික ප්‍රහාරක අවි ඉදිරි පෙළෙහි ස්ථානගත කිරීම තවදුරටත් වර්ධනය කෙරෙන අතර,එමගින් කලාපීය ආරක්ෂාවට සහ ස්ථාවරත්වයට බරපතල තර්ජනයක් එල්ල වන බවත්, චීනය ඊට දැඩි ලෙස විරුද්ධ වන බවත් Jiang Bin ප්‍රකාශ කළේය. මෑත වසරවලදී ජපානය සිය සාමවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ හුදෙක් ආරක්ෂක කටයුතු සඳහා පමණක් සීමා වූ ප්‍රතිපත්තිය නැවත නැවතත් උල්ලංඝනය කරමින්,”නව මුහුණුවරක් ගත් මිලිටරිවාදයක” අඳුරු මාවතට පියවරෙන් පියවර අවතීර්ණ වී ඇති බව ඔහු පැවසීය. ජපානයේ හමුදාමය අභිලාෂයන් පෝෂණය කෙරෙන ඕනෑම පියවරක්, කලාපය භයානක සුළි කුණාටුවකට ඇද දමනු ඇති බවත්, එය උසිගන්වන්නා වූ පාර්ශ්වයටම ඉන් කරදර ඇති වනු ඇති බවත් ඔහු අවධාරණය කළේය. එමෙන්ම සෙසු රටවල ආරක්ෂක තත්ත්වයන් වෙත අවංකවම ගරු කරන ලෙසත්,තම වැරදි ක්‍රියාකලාපයන් නිවැරදි කර ගන්නා ලෙසත්, ප්‍රායෝගික හා පැහැදිලිව වගවිය හැකි ක්‍රියාමාර්ග තුළින් කලාපීය සාමය සහ ස්ථාවරත්වය වෙනුවෙන් ධනාත්මක කාර්යභාරයක් ඉටු කරන ලෙසත්, චීනය අදාළ රටවලින් ඉල්ලා සිටින බව Jiang Bin වැඩිදුරටත් පැවසීය.
Share
Read more



