චීන විදේශ අමාත්‍යවරයා ප්‍රංශ සහ ලැට්වියානු විදේශ අමාත්‍යවරුන් සමග දුරකථන සාකච්ඡා

Share

චීන විදේශ අමාත්‍ය Wang Yi ප්‍රංශ විදේශ අමාත්‍යරයා සහ ලැට්වියානු විදේශ අමාත්‍යරිය සමග වෙන් වෙන් වශයෙන් දුරකථන සාකච්ඡා පවත්වා තිබේ.
ප්‍රංශ විදේශ අමාත්‍ය Jean-Noel Barrotගේ ආරාධනාවට අනුව පැවති සාකච්ඡාවේදී දෙරට අතර සබඳතා මෙන්ම ජාත්‍යන්තර කරුණු පිළිබඳව ද අවධානය යොමු කෙරිණ. වර්තමාන සංකීර්ණ ජාත්‍යන්තර තත්ත්වය හමුවේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයින් ලෙස දෙරට උපායමාර්ගික සන්නිවේදනය තවදුරටත් ශක්තිමත් කරමින් අවදානම් සහ අභියෝගවලට ඒකාබද්ධව මුහුණ දිය යුතු බව Wang Yi එම සාකච්ඡාවේදී ප්‍රකාශ කළේය.
එමෙන්ම එකම චීනය මූලධර්මය චීනය සහ ප්‍රංශය අතර පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වයේ දේශපාලන පදනම බව Wang Yi ප්‍රකාශ කළේය. ප්‍රංශ පාර්ශ්වය ප්‍රායෝගික ක්‍රියාමාර්ග ඔස්සේ ඊට අඛණ්ඩව සහාය දක්වනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කළේය. එමෙන්ම චීන තායිවාන ප්‍රදේශය සමග කිසිදු ආකාරයක නිල සබඳතාවක් පවත්වා නොගන්නා ලෙසත් තායිවාන ස්වාධීනත්වය  වෙනුවෙන් පෙනී සිටින බලවේග වෙත කිසිදු වැරදි පණිවිඩයක් ලබා නොදෙන ලෙසත් Wang Yi ප්‍රංශයෙන් ඉල්ලා සිටියේය.
ප්‍රංශය එකම චීනය මූලධර්මයට තදින් අනුගත වන බව Barrot එහිදී අවධාරණය කළේය. චීනය සහ යුරෝපා සංගමය අතර ආර්ථික හා වෙළෙඳ සබඳතාවල පවතින ගැටලු විසඳීමට දෙපාර්ශ්වය ශක්තිමත් සම්බන්ධතාවක් පවත්වා ගෙන යාම වැදගත් බව Barrot එහිදී සඳහන් කර ඇත.
මේ අතර චීන විදේශ අමාත්‍ය Wang Yi සහ ලැට්වියානු විදේශ අමාත්‍ය Baiba Braze සමග පැවති දුරකථන සාකච්ඡාවේදී ද දෙරට අතර සබඳතා පිළිබඳව වැදගත් අදහස් හුවමාරු කරගෙන තිබේ

Read more

Local News