ලබන වසරේ සිට ජපානයේ Mount Fuji හි අවාරයේදී කඳු නැගීමට ගොස් හෙලිකොප්ටර් මගින් ගලවාගැනීමට සිදුවන පුද්ගලයන්ගෙන් ඒ සඳහා ගාස්තුවක් අය කිරීමට නියමිත බව එහි උතුරු කොටස පාලනය කරන බලධාරීහු පවසති.
අනාරක්ෂිත ලෙස සහ ප්රමාණවත් සූදානමකින් තොරව කඳු නැගීමට පැමිණෙන පුද්ගලයන් අධෛර්යමත් කිරීම සඳහා එරට Yamanashi ප්රාන්තය හඳුන්වා දෙන පියවර මාලාවක එක් පියවරක් ලෙස මෙම ගාස්තුව ක්රියාත්මක කෙරේ.
ආසන්න Saitama ප්රාන්තයේ අනෙකුත් කඳුකර ප්රදේශ සඳහා දැනටමත් සෑම විනාඩි පහකටම යෙන් 8,000ක ගාස්තුවක් අය කරන අතර, Mount Fuji සඳහා ගාස්තු නියම කිරීමේදී එය ආදර්ශයක් ලෙස සලකා බැලීමට නියමිතය.
එමෙන්ම සැප්තැම්බර් මස මුල සිට ඊළඟ වසරේ ජූලි මාසය දක්වා පැවතෙන අවාරයේදී Mount Fuji තරණය කිරීමට බලාපොරොත්තු වන පුද්ගලයන්ගෙන් සවිස්තරාත්මක කඳු තරණ සැලසුම් ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීමටද Yamanashi බලධාරීන් පියවර ගනු ඇත.
Share
Read more



