චීන විදේශ ඇමති සහ බ්‍රසීල ජනපතිගේ විශේෂ උපදේශක  අතර හමුවක්

Share

චීන විදේශ අමාත්‍ය  Wang Yi සහ බ්‍රසීල ජනපතිගේ විශේෂ උපදේශක Celso Amorim අතර හමුවක් බෙයිජිංහිදී ඊ‍යේ (16) පැවැත්විණ.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල සාමාජිකයෙකු ද වන Wang Yi එහිදී පැවසුවේ, දෙරටේ රාජ්‍ය නායකයින්ගේ උපායමාර්ගික මගපෙන්වීම යටතේ මෑත වසරවල චීන-බ්‍රසීල සබඳතා සැලකිය යුතු වර්ධනයක් ලබා ඇති බවය.
ඒ අනුව, දෙරට අතර සබඳතා උපායමාර්ගික හවුල්කාරීත්වයක සිට පොදු අනාගතයක් සහිත ප්‍රජාවක් ගොඩනැගීම දක්වා වර්ධනය වී ඇති බව  ද ඔහු සඳහන් කළේය.
ප්‍රධාන ජාත්‍යන්තර හා කලාපීය කරුණු සම්බන්ධයෙන් සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කර උපායමාර්ගික සම්බන්ධීකරණය ශක්තිමත් කළ යුතු බව ද Wang Yi පැවසීය.

එහිදී Celso Amorim පැවසුවේ, දෙරටේ රාජ්‍ය නායකයින් අතර ඇති වූ එකඟතාවන් ක්‍රියාත්මක කිරීමට චීනය සමග එක්ව කටයුතු කිරීමට බ්‍රසීලය සූදානම් බවය. එමගින් වඩාත් සාධාරණ සහ තිරසර ලෝකයක් වෙනුවෙන්, චීන-බ්‍රසීල පොදු අනාගතයක් සහිත ප්‍රජාව ගොඩනැගීමට නව අර්ථයක් එක් කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කළේය.

Read more

Local News