භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් තවත් නෞකාවක ගැටේ

Share

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝ පට දෙකක, භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ධීවර නෞකාවක ගැටෙන අවස්ථාවක් දර්ශනය වේ.
BBC මගින් එම වීඩියෝ දර්ශන සත්‍යාපනය කර ඇති අතර, ඊට සම්බන්ධ නෞකා හඳුනාගෙන තිබේ. එමෙන්ම මෙය සිංගප්පූරුව ආසන්න මුහුදු ප්‍රදේශයේදී සිදුව ඇති බවට තොරතුරු සොයාගෙන ඇත. ලැබී ඇති සාක්ෂි අනුව, මෙම සිදුවීම සැප්තැම්බර් 17 වැනිදා සිදුවන්නට ඇති බව පෙනී යයි.
මෙම අනතුරින් කිසිවෙකු තුවාල ලැබුවේද, මියගියේද යන්න මෙන්ම මීට හේතුව කුමක්ද යන්නද මෙතෙක් පැහැදිලි නැත.

Read more

Local News