යේමනයේ හුතී සහ සෞදි අරාබිය සහාය දක්වන රජයේ හමුදා අතර සටන් උත්සන්න වීමත් සමඟ, යේමන වැසියෝ ආරක්ෂාව පතා රතු මුහුද හරහා Djibouti වෙත පලා යමින් සිටිති.
පසුගිය දින කිහිපය තුළ පමණක් යේමනයෙන් සරණාගතයන් 3,000කට වැඩි පිරිසක් Markazi නම් කඳවුරට පැමිණ ඇත. එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තුවලට අනුව, යේමනයේ රතු මුහුද වෙරළ තීරයේ සටන් හදිසියේ උත්සන්න වීම හේතුවෙන් මේ වනවිට යේමන ජාතිකයන් 120,000කට වැඩි පිරිසක් අවතැන් වී තිබේ.
ජාත්‍යන්තරව පිළිගත් යේමන රජයට සහාය දක්වන සෞදි අරාබිය, හුතී කණ්ඩායම ස්ථානගත වී සිටින වෙරළබඩ ප්‍රදේශයට ගුවන් ප්‍රහාර සිය ගණනක් එල්ල කර තිබේ. ඊට ප්‍රතිචාර වශයෙන් ඔවුන් දකුණු-බටහිර සෞදි අරාබියානු නගර සහ යටිතල පහසුකම් වෙත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර සිය ගණනක් එල්ල කර ඇත.
Share
Read more



