එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81 වැනි සැසිවාරයේ රධාන විවාදය ඊයේ (22) New Yorkහි පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ආරම්භ විය.
81 වැනි මහා මණ්ඩල සැසිවාරයේ සභාපති Khalilur Rahman පොදු විවාදයේ ආරම්භක අවස්ථාවට මුලසුන දැරීය. මෙවර විවාදයේ තේමාව වන්නේ “විශ්වාසය යළි ගොඩනැගීම, පරිවර්තනය කළමනාකරණය කිරීම: සැමට ප්‍රතිඵල ලබාදෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයක්” යන්නයි. ආරම්භක දේශනය සිදු කරමින් Rahman විශ්වාසය යළි ගොඩනැගීමේ වැදගත්කම අවධාරණය කළේය.
“විශ්වාසය ලබාදෙන දෙයක් නොවේ. එය උපයා ගත යුතු දෙයකි. මගේ විශ්වාසය අනුව අපට විශ්වාසය උපයා ගත හැක්කේ ක්‍රම තුනකිනි. පළමුව, අප පසුබසින ස්ථාන පිළිබඳව කිසිදු පැකිලීමකින් තොරව යථාර්ථවාදී වීමයි. දෙවනුව, වඩා හොඳ ප්‍රතිඵල ලබාදීම සඳහා එක්සත් ජාතීන්ගේ ප්‍රතිසංස්කරණ පිළිබඳ මූලික වශයෙන් නැවත සලකා බැලීමයි. තෙවනුව, අපගේ කාර්යයන් සියල්ලන් ඇතුළත් වන ආකාරයෙන් සිදු කරමින්, සමාජයේ සෑම පාර්ශ්වයකින්ම අදාළ සියලු පාර්ශ්වකරුවන් සම්බන්ධ කර ගැනීමයි,” යනුවෙන් ඔහු පැවසීය. දුෂ්කර සත්‍යයන්ට මුහුණ දීමට තරම් යථාර්ථවාදී විය යුතු බවත්, ප්‍රතිසංස්කරණ සිදු කිරීමට තරම් නිර්භීත විය යුතු බවත් ඔහු පවසා ඇත.
මෙවර පොදු විවාදය ආරම්භ වීමට පෙර එක්සත් ජාතීන්ගේ මහලේකම් Antonio Guterres විසින් ඉදිරිපත් කළ ලෝක තත්ත්වය පිළිබඳ වාර්තාවේදී, ජාලගත බහුධ්‍රැවීය ලෝකයක් සඳහා ඉල්ලීමක් සිදු කර ඇත.
“අප බහුධ්‍රැවීය ලෝකයක් කරා ගමන් කරමින් සිටින බව පැහැදිලියි. එම ගමන ආපසු හැරවිය නොහැකියි. එහෙත් බහුධ්‍රැවීයභාවය හැඩගැසිය හැකි ආකාර විවිධයි,” යනුවෙන් හෙතෙම පැවසීය. වර්තමානයේ ඇති අභියෝග කිසිදු බලවතෙකුට තනිව විසඳිය නොහැකි බව ද ඔහු සඳහන් කළේය.
ලෝකය දැනටමත් බැඳී පවතින පදනම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය බවත් එයට ජීවය ලබාදෙන මූලධර්ම, 21 වැනි සියවසේ බලය ඵලදායී, නීත්‍යානුකූල සහ වගකීම් සහගත ලෙස භාවිත කිරීමේ පදනම බවත් Guterres පැවසීය.
81 වැනි මහා මණ්ඩල සැසිවාරයේ පොදු විවාදයට ඇමරිකානු ජනාධිපති Donald Trump, බ්‍රසීල ජනාධිපති Luiz Inacio Lula da Silva, තුර්කි ජනාධිපති Recep Tayyip Erdogan, ජෝර්දාන රජු වන Abdullah II ibn Al Hussein ඇතුළු රාජ්‍ය නායකයෝ සහභාගී වූහ.
Share
Read more



