චීන විදේශ ඇමති සහ ජාත්‍යන්තර වෙළඳාම ප්‍රවර්ධන කිරීම සඳහා වන ජපාන සංගමයේ සභාපති අතර හමුවක්

Share

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විදේශ කටයුතු කාර්යාලයේ අධ්‍යක්ෂ වං යී ජාත්‍යන්තර වෙළඳාම ප්‍රවර්ධන කිරීම සඳහා වන ජපාන සංගමයේ සභාපති  Iwaya Takeshi හමුවෙයි. ඒ ඊයේ (28) බෙයිජිංහිදීය.
වත්මන් චීන-ජපාන සබඳතාව දරුණු අභියෝගයන්ට මුහුණ දෙන තත්ත්වයක පවතින බව වං යී එහිදී ප්‍රකාශ කළේය. ජපාන නායකයා චීනයේ තායිවාන ප්‍රශ්නය කෙරෙහි සිදු කළ වැරදි ප්‍රකාශ හා ක්‍රියාවන් හැකි ඉක්මනින් නිවැරදි කිරීම ජපානය වහාම සිදු කළ යුත්තකි. එමෙන්ම ඓතිහාසික කරුණු මත නිවැරදි ආකල්ප දැරීම වැදගත් කොට සැලකිය යුතු බවත් චීනය කෙරෙහි නිසි ආකාරයෙන් අවබෝධයක් ඇති කර ගැනීම මූලික පියවර විය යුතු බවත් වං යී මහතා අවධාරණය කළේය. ජාත්‍යන්තර වෙළඳාම ප්‍රවර්ධන කිරීම සඳහා වන ජපාන සංගමය ඇතුළු නිසි අවබෝධයක් සහිත සියලු පුද්ගලයන් හා ආයතන ජපාන රජයට නිවැරදි තීරණ ගැනීමට මඟපෙන්වනු ඇතැයි චීනය අපේක්ෂා කරන බව ද හෙතෙම පැවසීය.    
ජපාන-චීන සබඳතාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් Iwaya Takeshi සිය කනස්සල්ල පළ කර ඇත. සිය සංගමයේ හිටපු සභාපති අභාවප්‍රාප්ත Yōhei Kōnoගේ පරමාර්ථ අනුගමනය කරමින් දෙරට සබඳතාව චීන-ජපාන දේශපාලන ලේඛන හතරේ මූලික අරමුණ වෙත ගෙන ඒම සඳහා කටයුතු කරන බව හෙතෙම පැවසීය. ඓතිහාසික අත්දැකීම් ජපානය කිසිදා අමතක නොකළ යුතු ය. ජපාන දේශපාලනඥයන් ජපාන දිශානතිය නිවැරදි ලෙස අවබෝධ කර ගෙන සාමකාමී සංවර්ධන මාර්ගය ඔස්සෙ ස්ථීර ලෙස ඉදිරියට ගමන් කළ යුතු බව ද Iwaya Takeshi වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 

Read more

Local News