චීන මධ්යම රජය යටතේ සෘජුව පාලනය වන නව රාජ්ය සමාගමක් වන චීන ජාතික දත්ත සමූහ සමාගමක් ඇරඹේ. එහි සමාරම්භක උත්සවයට චීන උප අගමැති Ding Xuexiang සහභාගී විය. උත්සවය ඊයේ(20) උතුරු චීනයේ හෙබෙයි පළාතේ Xiong’an නව කලාපයේදී පැවැත්විණ.
චීන කොමියුනිස්ට් පක්ෂ මධ්යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටු සාමාජිකයෙකු ද වන Ding Xuexiang පැවසුවේ, කෘත්රිම බුද්ධියෙන් උදාවන අවස්ථාවලින් ප්රයෝජන ගැනීම, ඩිජිටල් චීනය ගොඩනැගීම වේගවත් කිරීමට සහ රටේ නව තරගකාරී වාසි වර්ධනය කිරීමට මෙම සමාගම පිහිටුවීම වැදගත් වන බවය.
Share
Read more



