Abyei දේශසීමා කලාපයේ වෙළෙඳපොළකට ඩ්‍රෝන ප්‍රහාරයක් – 153ක් මරුට

Share

සුඩානය සහ දකුණු සුඩානය අතර මතභේදයට ලක්ව ඇති දේශසීමා කලාපයක් වන Abyei හි වෙළෙඳපොළකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයන් 153 දෙනකු මියගොස් තිබේ. ප්‍රහාරයෙන් ආසන්නයේ පිහිටි ඉන්ධන ගබඩාවකට ද හානි සිදුවීමත් සමඟ ගින්නක් හටගෙන ඇති අතර, ඊයේ (20) වන විටත් එය පැතිරෙමින් පැවති බව ප්‍රාදේශීය නිලධාරියෙක් පැවසීය.
Abyei නගරයට උතුරින් පිහිටි Amiet Market වෙළෙඳපොළට සඳුදා එල්ල වූ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සුඩාන හමුදාවට චෝදනා එල්ල කර ඇත්තේ Abyei පරිපාලනයේ තාවකාලික තොරතුරු අමාත්‍ය Yohanna Akol Ngor විසිනි. ගින්න තවදුරටත් පැතිර යමින් පවතින බැවින් මරණ සංඛ්‍යාව ඉහළ යමින් තිබූ බව ද ඔහු සඳහන් කළේය.

Read more

Local News