ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයටත් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයටත් නව ලේකම්වරු

Share

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන නීතිඥ රෝෂන් ගමගේ පත් කර තිබෙනවා.

මේ අතර, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන ටී.ආර්.ඩබ්ලිව්.එස්. ධනපාල තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නව ලේකම් ලෙසයි පත් කර ඇත්තේ.

ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් ඊයේ (09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදි එම මහත්වරුන් වෙත භාර දී ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News