2027 වසරට අදාළ අයවැය ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. විවිධ ක්ෂේත්‍රයන් වෙත සහන රැසක් මෙහිදී යෝජනා කර තිබූ අතර, ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වැදගත් පියවර රැසක්ද ගෙන තිබුණා. මෙවර රජයේ ආදායම රුපියල් බිලියන 6180 ක් වන අතර, වියදම රුපියල් බිලියන 7933 ක්. අයවැය සම්බන්ධයෙන් මෙරට ජනතාව මෙන්ම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ද රජයට සිය ප්‍රසාදය පළ කරනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



