වොෂින්ටනයේ ප්‍රහාර සැලසුමක් පිළිබඳ ඉරානයට එරෙහිව ඇමරිකානු බුද්ධි අංශ අනතුරු ඇඟවීමක්

Share

ඉරානය විසින් වොෂින්ටන් DC හිදී විකිරණශීලී ද්‍රව්‍ය විසිරුවන බෝම්බයක් (Dirty Bomb) හෝ රසායනික අවියක් පුපුරුවා හැරීමෙන් Trump පරිපාලනයේ ඉහළ පෙළේ නිලධාරීන් ඉලක්ක කර ගැනීමේ සැලසුම් සකස් කරමින් සිටින බවට නව ඇමරිකානු බුද්ධි තොරතුරු අනාවරණය වී ඇත. CNN පුවත් සේවය පිළිබඳ වාර්තා කර ඇත. කෙසේ වෙතත්, එවැනි ප්‍රහාරයක් ක්‍රියාත්මක කිරීමට ඉරානයට හැකියාවක් තිබේද නැතහොත් එසේ කිරීමට උත්සාහ කරන්නේද යන්න පිළිබඳව ඇමරිකානු නිලධාරීන් අතර තවදුරටත් සාකච්ඡා පවතී.
ඇමරිකානු බුද්ධි අංශ හඳුනාගෙන ඇති සැලසුම්වල ඉලක්ක සහ ස්ථාන පිළිබඳ නිශ්චිත තොරතුරු ඇතුළත් වන බව මූලාශ්‍රය දෙකක සඳහන් කර තිබේ. මේ හේතුවෙන් ඇමරිකාව හදිසි අවස්ථාවකදී ක්‍රියාත්මක කළ යුතු ආරක්ෂක සැලසුම් කඩිනමින් සකස් කරමින් සිටී. මේ අතර ධවල මන්දිර ප්‍රකාශිකා Lauren Bis නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඇමරිකාවට එල්ල විය හැකි සියලුම තර්ජන නිරීක්ෂණය කරමින් සිටින නමුත් මේ වන විට රටට එරෙහිව විශ්වාසදායක තර්ජනයක් හඳුනාගෙන නොමැති බවයි.

Read more

Local News