2027 අයවැය දෙවන වර කියවීමට අදාළ ඡන්ද විමසීම අද (20) පස්වරු 6ට පැවැත්වීමට නියමිතයි. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායකවිසින් පසුගිය 12 වැනිදා අයවැය කතාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, නොවැම්බර් 13 වැනිදා සිට අද දක්වා දින 7ක් අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත්වුණා. ඉන් අනතුරුව අයවැය තුන්වන වර කියවීමට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය හෙට (21) සිට දෙසැම්බර් 14 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. එහි අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6ට පැවැත්වීමටයි කටයුතු සූදානම් කර ඇත්තේ. රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෙනසුරාදා දිනවලද ඇතුළුව සෑම දිනකම පෙරවරු 9.30ට අයවැය විවාදය සඳහා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.



