යළිත් එජාප නායක ධුරය රනිල්ට

Share

ඊයේ (24) දින සිරිකොත පක්ෂ මුලස්ථානයේදී එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වූ අතර එහි හිටපු නිලධාරී මණ්ඩලයම නව නිලධාරී මඩුල්ල ලෙස නැවතත් තේරී පත්ව තිබේ.

එහිදී ඉදිරි වර්ෂය සඳහා ද එක්සත් ජාතික පක්ෂ නායකයා ලෙස යළිත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත් කර තිබේ.

එම පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් පත් කිරිම් කිහිපයක් සිදු කල බව පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

මේ අතර පක්ෂ සභාපති කබීර් හෂීම් මහතා ප්‍රකාශ කලේ, මැතිවරණය නියමිත පරිදි පැවැත්වීමට පියවර ගන්නා බවයි.

එහෙත් පළාත් සභා මැතිවරණය කඩිනමින් නොපැවැත්වෙන බව අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ප්‍රකාශ කළේය.

Read more

Local News