Home දේශීය පුවත් පෙබරවාරි 04 නිදහස් උත්සවයද, ජාතික උත්සවයද ?

පෙබරවාරි 04 නිදහස් උත්සවයද, ජාතික උත්සවයද ?

0
පෙබරවාරි 04 නිදහස් උත්සවයද, ජාතික උත්සවයද ?

මෙතෙක් කල් අප නිදහස් උත්සවය කියා සැමරුවත් මෙවර සමරන්නේ නිදහස් උත්සවයද, ජාතික උත්සවයද කියා තමන් තවමත් නොදන්නා බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ  මහතා පැවසීය.

එමෙන්ම කොහොමත් රටේ නිදහසක් නොමැති නිසා ජාතික උත්සවය කියා නම් කරන්නට ඇති බවත් ඒ මහතා වැඩ්දුරටත් පැවසීය.

මහින්ද මහතා මේ බව පැවසුවේ ඊයේ (02) දින මහනුවරදිය.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ  මහතා ඊයේ දින මහනුවරට පැමිණ මහනුවර ශ්‍රී ඓතිහාසික දළදා මාළිගාවට ගොස් වැද පුදා මල්වතු මහා විහාරයේදී එම පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධර්ථ සුමංගල හිමියන් සහ අස්ගිරි මහා විහාරයේදී අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමිපාණන් වහන්සේ බැහැ දැක ගැටඹේ රාජෝපවනාරාම විහාරාධිපති කැප්පටියාගොඩ සිරිවිමල හිමියන් බැහැ දැක ආශිර්වාද ලබාගත් අතර ඉන් පසු මාධ්‍ය වේදින් නැගු ප්‍රස්න  හමුවේ මේ බව පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here