අධ්‍යාපන පැමිණිලි පරික්ෂා කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක්

Share

2019 වසරේ ජාතික පාසල් සඳහා පළමු වන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරිමේ දි අසාධාරණ සිදුව ඇති බවට අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලැබී ඇති පැමිණිලි පරික්ෂා කිරීම සඳහා කමිටුවක් පත්කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා උපදෙස් ලබාදී තිබේ.

අද (05) දිනයේදි අමාත්‍යවරයා විසින් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න මහතාට උපදෙස් ලබා දෙනු ලැබිය.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න මහතා විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක මහතාගේ සහාපතීත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබේ.

එහි සෙසු සාමාජිකයින් වන්නේ පාසල් කටයුතු අධ්‍යක්ෂ කමණී පෙරේරා මහත්මිය සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ විනය විමර්ශන ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් චමනී වික්‍රමතිලක මහත්මියයි.

ජාතික පාසල්වල 2019 පළමුවන ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේ දී අසාධාරණයන් සිදු වී ඇති බවට අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් මෙහි දි කරුණු සොයා බැලීමට නියමිතයි.

Read more

Local News