අද දිනයේදී, දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව ඉහල මට්ටමක පවතී.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලසවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීද සිහින් වැසි ඇතිවිය හැක.
බස්නාහිර, සබරගමුව, ඌව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ප්‍රභල අකුණු තත්ත්වයන්ද ඇතිවිය හැක.
සබරගමුව, මධ්‍යම, ඌවසහ දකුණු පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසි ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.