ක්‍රිකට් කණ්ඩායමට ජනපති, අගමැති, ක්‍රීඩා ඇමතිගෙන් සුබපැතුම්

Share

දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සුබපැතුම් එක්කර තිබේ.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ දිගින් දිගටම ලැබු පරාජයන්වලට තිත තබමින් ලැබු ජයග්‍රහණය පිළිබඳව සතුටට පත් වන බවයි.

එම තරගයේ දී කුසල් ජනිත් පෙරේරා දැක්වු දක්ෂතා පිළිබඳව ආඩම්බර වන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

මේ අතර යොවුන් ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් දකුණු අප්‍රිකාවේ ඩර්බන්හිදී ලැබු ටෙස්ට් ජයග්‍රහණය පිළිබඳව සතුටට පත් වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සුභාශිංෂණ පල කර ඇති බව වාර්තා වෙයි.

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සුභාශිංෂණ පල කර තිබේ.

Read more

Local News