කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුර්දීන් මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව සඳහා මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 26 දෙනෙකු අත්සන් තබා තිබේ.
කෙසේවෙතත් එම විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය හෙට(15) කණ්ඩායම් රැස්වීමේදී අවසන් තීරණයකට එළැඹීමට නියමිත බව වාර්තා වෙයි.
කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුර්දීන් මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ගෙන එන බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පසුගිය දා ප්‍රකාශ කළ අතර ඊයේ(13) මල්වතු සහ අස්ගිරි මහ නා හිමිවරුන් බැහැදැක ඒ පිළිබඳ දැනුවත්කිරීමද සිදු කළේය.
ඒ අනුව එම විශ්වාංභංග යෝජනාවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද මේ වන විට අත්සන් තබා තිබේ.
මේ වන විට මන්ත්‍රීවරුන් 26 දෙනෙක් අදාළ විශ්වාසභංගයට අත්සන් තබා ඇති අතර එහි පළමු අත්සන තබා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතායී.
පූජ්‍ය අතුරලියේ රතන හිමියන් එහි හත්වන අත්සන තබා තිබෙන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම නියෝජනය කරන එස් .බී දිසානායක මන්ත්‍රීවරයාද ඊට අත්සන් තබා තිබේ.
කෙසේවෙතත් හෙට පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ඇති බව වාර්තා වෙයි.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම විශ්වාසභංග යෝජනාවට සහය දෙන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යෙව්දීන් එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතාගෙන් විමසීමක් කළේය.
එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ, ඒ පිළිබඳව තමන් තවමත් දැනුවත් වී නොමැති බවයි. මාධ්‍ය තුළින් පමණක් ඒ ගැන කථා කර ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස තවමත් ඒ ගැන දැනුවත් නොමැති බව ද සඳහන් කළේය.