රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතන සිද්ධියට අදාළ තොරතුරු වසන් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අධීචෝදනා පත්‍ර භාරදීම සඳහා අගෝස්තු මස 06 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා කොළඹ මහාධිකරණය හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා වෙත නොතීසි නිකුත් කර තිබේ.
නීතිපතිවරයා විසින් ගොනු කරන ලද අධිචෝදනා පත්‍ර සලකා බැලීමෙන් පසුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා විසින් එම සිතාසි නිකුත් කිරීම සිදුකළේය.
රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන් නමැති සහ 2012 වසරේ කොළඹ පාර්ක් වීදියේ දී මෝටර් රථයක් තුළ අභිරහස් අන්දමින් මිය ගොස් තිබුණි.
මෙම ඝාතනයට අදාළ විමර්ශන සිදු කිරීමේදී ඊට අදාළ සාක්ෂි වසන් කිරීම තුළින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් හිටපු ජ්‍යේෂ්ඨ පොලිස්පති අනුර සේනානායක මහතාට එරෙහිව එම අධිචෝදනා පත්‍රය ඉදිරිපත් කර තිබේ.