ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ පිරිස ප්‍රාණ පරිත්‍යාගීන් ලෙස ප්‍රකාශයට

Share

පසුගිය පාස්කු ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ පිරිස ප්‍රාණ පරිත්‍යාගීන් ලෙස ප්‍රකාශයට පත් කිරීමට සැළසුම් කරන බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

කාදිනල් හිමිපාණන් මේ බව ප්‍රකාශ කළේ බොරැල්ල සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානයේ අද(26) පැවති විශේෂ දේව මෙහෙයක් අමතමින්ය.

එහිදී වැඩිදුටත් අදහස් දක්වමින් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන් මේ බව පැවසීය.

“සමහර රටවල සමහර උදවිය උත්සහ කරනවා කියන්න ආගම කියන්නේ පෞද්ගලික ජීවිතය, පෞද්ගලික දෙයක් පමණයි සමාජ ජීවිතයට ඒක බලපාන්නේ නෑ කියලා  කියනවා ඒගොල්ලෝ ඒක වැරදියි.

ශ්‍රී ලංකාද්වීපය කියලා කියන්නේ ආගම් අදහන මිනිස්සුන්ගෙන් පිරුණු ජීවිතයක් ඇති රටක්.

එදා කොච්චිකඩේ එහෙම නැත්නම් කටුවාපිටියේ, එහෙම නැත්නම් සියෝන් දේවස්ථානයේ එහෙම නැත්නම් ඒ ආපන ශාලාවල සේවය කරන්න ගිය ඒ අයත් තමන්ගේ යුතුකම් ඉටු කරන්නයි ගියේ.

ඒ නිසා මේ හැම කෙනෙක්ම අපිට වටිනා වස්තුවක්.

ඒ නිසා අපි අගරදගුරු පදවිය පුරාවට සැළසුම් කරනවා යම් දවසක මේ අපේ සහෝදර සහෝදරියන් ප්‍රාණ පරිත්‍යාගීන් ලෙස ප්‍රකාශයට පත් කරන්නට“

Read more

Local News