අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි ලැබී ඇති බව පොලීසිය පවසා සිටියි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ඔවුන් සම්බන්ධයෙන් පැමිණිලි දෙකක් මේ වන විට ලැබී ඇති බවයි.
මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි විමර්ශනය කිරීම සඳහා යොමු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කර ඇත.