මම ත්‍රස්තවාදී නායක සහරාන්ව ආරක්ෂා කළේ නෑ

Share

පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදී නායකයා වන සහරාන් නැමැත්තා තමා ආරක්ෂා කල බවට පැතිර යන අදහස සම්පූර්ණයෙන් අසත්‍යයක් බව නැගෙනහිර පළාතේ හිටපු මහ අමාත්‍ය නසීර් අහමඩ් මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රූපවාහිනී හා පුවත්පත්වල මෙම පුවත වාර්තා කර තිබු බව ද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

කෙසේ වෙතත් මෙම පුවත සම්පූර්ණයෙන් අසත්‍ය බව තමා වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බව ද ඒ මහතා සඳහන් කළේය.

මේ අතර, ආරක්ෂක අංශවලින් සිදු කරනු ලබන විමර්ශන මඟින් හෝ අනාවරණය නොවන ලද කරුණක් සඳහා මෙවැනි වැරදි ප්‍රචාරයන් දී ඇත්තේ පවතින විමර්ශන නොමඟ යැවීමේ යටි අරමුණින් බව තමා විශ්වාස කරන බව ද අහමඩ් මහතා වැඩිදුරටත් එම නිවේදනයෙන් දක්වා තිබේ.

තවද තමා කිසිදු අන්තවාදී ආගමික කණ්ඩායමක් සමඟ සම්බන්ධකම් පවත්වා නොමැති බවත්, ජාති ආගම් කුල භේදවලින් තොර සාමකාමී ශ්‍රී ලංකාවක් වෙනුවෙන් තමා සැමදා පෙනී සිටින බවත් නසීර් අහමඩ් මහතා පැවසීය.

Read more

Local News