ඇඳිරි නීතිය කඩ කළ අත්අඩංගුවට පත් පිරිස 60000 ට ආසන්න වෙයි

Share

පසුගිය මාර්තු 20 වන දින සිට අද(18) උදෑසන 6 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය කඩ කර අත්අඩංගුවට පත් සංඛ්‍යාව 59035 ක් බව පොලීසිය පවසයි.

 

එම කාලය තුළ වාහන 16436 ක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර ඊයේ(17) උදෑසන 6 සිට අද උදෑසන 6 දක්වා වු කාලයේ දී පමණක් පුද්ගලයින් 2709 ක් හා වාහන 946 ක් අත්අඩංගුවට ගෙන ඇත.

මාර්තු 18 වන දින සිට අද දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමට අදාළ නඩු 15695 ක් ගොනු කර ඇති අතර නඩු පැවරීම්වලට අදාළ දඬුවම් නියම කිරීම් 5660 ක් සිදු කර තිබේ.

Read more

Local News