මෙන්න අද කාලගුණ තත්ත්වය

Share

අද (09) සබරගමුව, මධ්‍යම, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.75 ට වැඩි තරමක් තද වර්ෂාපතනයන් ඇති විය හැකි බවද වාර්තා වේ.

ඌව පළාතේ ස්ථාන ස්වල්පයක සවස 2.00න් පමණ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

දිවයින හරහා විශේෂයෙන් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවල සහ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මි.(40-50) දක්වා තද සුළං ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යාම හේතුවෙන්, මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බවත් වෙරළ ආසන්නයේ ජීවත්වන ජනතාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසත් ඒම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read more

Local News