රැකියා ලේඛනයේ නම නැති අයට අභියාචනා යොමු කිරීමට හැකියි

Share

රැකියාලාභී උපාධිධාරී ලේඛනයේ නම ඇතුළත් නොවූ උපාධිධාරීන් සිය අභියාචනා ලබන දෙවැනිදායින් පසු යොමු කළ යුතු බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

 

අමාත්‍යාංශය ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතා සඳහන් කළේ ජනාධිපති ලේකම් කාර්යාලයට හෝ තම අමාත්‍යාංශයට එම අභියාචනා යොමු කළ හැකි බවයි.

එලෙස උපාධිධාරී රැකියාලාභී උපාධීධාරීන්ගේ නාම ලේඛනය පෙරේදා ප්‍රසිද්ධ කෙරුණි.

එහෙත් ඇතැම් උපාධිධාරීන් පැවසුවේ මීට පෙර නිකුත් කළ ලේඛනයේ තම නම සඳහන්ව තිබුණ ද පෙරේදා නිකුත් කළ ලේඛනයේ නම සඳහන් නොවූ බවයි

ඊට විරෝධය පළ කරමින් රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය ඊයේ කොළඹදී විරෝධතාවකද නිරත විය.

Read more

Local News