විදෙස්ගතව රැදී සිටි ලාංකිකයින් 421ක් දිවයිනට

Share

කොවිඩ් – 19 වසංගත ව්‍යාප්තිය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව විදෙස් රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 421 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

 

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර් සහ එංගලන්තයේ රැදී සිටි පිරිසක් අද අළුයම දිවයිනට පැමිණී බව අප ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හි රැඳී සිටි 17 දෙනෙකු, කටාර් හි  රැඳී සිටි 394 දෙනෙකු සහ එංගලන්තයේ රැඳී සිටි 10 දෙනෙකු මෙලෙස දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ.

කටාර් හි සිට පැමිණි 394 දෙනා අතරින් 210 දෙනෙකු විවිධ ගුවන් සේවාවල සේවය කරන ගුවන් යානා කාර්ය මණ්ඩල සාමාජිකයින් පිරිසක් බව වාර්තා වේ.

කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයට පැමිණි සියලුදෙනා පී.සී.ආර් පරික්ෂණ සඳහා යොමුකර තිබේ.

Read more

Local News