මහර බන්ධනාගාරයේ රදවා සිටින රැදවියන් බැලීම සදහා අද පෙරවරුවේ පැමිණි කාන්තාවක් බන්ධනාගාරය තුල සිටින සැකකරුවෙකු වෙත කලිසම් වාටියක සගවා සුක්ෂම අයුරින් ලබාදීමට උත්සාහ කල මත්කුඩු පැකට් 02 හා එම කාන්තාව අත්අඩංගුවට ගැනීමට මහර බන්ධනාගාරයේ රාජකාරියේ නියුතු නිළධාරින් සමත් වී ඇත.
වත්තල මහේස්ත්‍රාත් අධිකරණය මගින් හෙරොයින් ලග තබා ගැනිමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කරන ලද ඡාඇල ප්‍රදේශයේ ලහිරු සදමාල් නැමැති වයස අවුරුදු 20 රැදවියෙකු සදහා මේ ආකාරයට ඉතා සුක්ෂම අයුරින් මත්ද්‍රව්‍ය ලබාදිමට උත්සාහ කර ඇත්තේ ඔහුගේ බිරිද වන අතර ඇයද මීට පෙර සොරකම් නඩුවක් සදහා බන්ධනාගාරගතව සිට මීට මාස 06 ට පමණ නිදහස ලැබු කාන්තාවකි.
මහර බන්ධනාගාර අධිකාරි ජගත් චන්දන වීරසිංහ මහතාගේ සෘජු අධික්ෂණය මත පසුගිය 15 වැනිදා සිට රැදවියන් සදහා අමුත්තන් පෙන්විමේ කටයුතු නැවත ආරම්භ විමත් සමග එම රාජකාරි සදහා ප්‍රධාන ජේලර් සුභාෂ් උපුල්දෙණිය මහතාගේ නිරික්ෂණය යටතේ තෝරාගත් නිළධාරින් පිරිසක් පමණක් යෙදවීමට කටයුතු කර ඇති අතර පවතින දැඩි ආරක්ෂක සංවිධාන හා රාජකාරියේ නියුතු නිළධාරින්ගේ දැඩි විමසිලිමත් භාවය හේතුවෙන් අද දින මෙසේ සුක්ෂම අයුරින් බන්ධනාගාරය තුලට ලබාදීම සදහා රැගෙන ආ මත්කුඩු සිය භාරයට ගැනිමට අමුත්තන් පෙන්විමේ රාජකාරියේ යෙදි සිටි පළමු පෙළ ජේලර් එච්.ජි.එන්.එස් ජයරත්න, නියාමක ලහිරු ලක්ෂාන් සහ නියාමක බි.එස්. සේනාරත්න යන නිළධාරින් සමත් වි ඇත.
දැඩි ආරක්ෂක පියවර අනුගමනය කොට මහර බන්ධනාගාරය මත්කුඩු ඇතුළු තහනම් ද්‍රව්‍ය වලින් තොර කලාපයක් බවට පත්කර ඇති නිසා මේ ආකාරයේ සුක්ෂම ක්‍රම ඔස්සේ මත්කුඩු ගෙන ඒමට රැදවියන් උත්සාහ කරන බවත් සිය නිළධාරින්ගේ මනා කැපවීම හා දක්ෂතාවය මත එම උත්සාහයන් ව්‍යර්ථ වු බවත් මහර බන්ධනාගාර අධිකාරි ජගත් වීරසිංහ මහතා අප සමග අදහස් දක්වමින් ප්‍රකාශ කලේය.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ කටයුතු සදහා අදාල කාන්තාව සහ මත්කුඩු පැකට් 02 රාගම පොලිසිය වෙත භාරදීමට නියමිතය.



