ඉරුදින ප්‍රහාරය සම්බන්ධ අසම්පුර්ණ පරීක්ෂණ වාර්තා 18ක් නැවත පොලිස්පතිවරයා වෙත

Share

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සම්පූර්ණ නොකළ තවත් පරීක්ෂණ වාර්තා 18ක් නීතිපතිවරයා විසින් වැඩ බලන පොලිස්පතිවරයා වෙත නැවත හරවා යවා ඇති බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පවසයි.

 

මේ වන විට එවැනි අසම්පූර්ණ වාර්තා 100ක් නැවත හරවා යවා ඇති බව එතුමිය පැවසුවාය.

එමෙන්ම මෙම අසම්පූර්ණ වාර්තා විධිමත් ලෙස සකස් කරන්නැයි නීතිපතිවරයා වැඩ බලන පොලිස්පතිවරයාට දැනුම් දුන් බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

Read more

Local News