රැකියා විරහිත උපාධිධාරීන්ට ජනපති කියූ දේ

Share

රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන සඳහා තවත් උපාධිධාරීන් 10,000කට රැකියා ලබා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි ව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

 

අද (19) පෙරවරුවේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටතට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලේකම් කාර්යාල පරිශ්‍රය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූ රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් හමුවු අවස්ථාවේ දී මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා, “ අපි හැමෝටම දෙනවා. කට්ටියට කියන්න. අදත් කැබිනට් එකේ තවත් 10,000කට රැකියා දෙනවා. ගෙවල්වලට යන්න අව්වේ වේලෙන්නේ නැතිව“  යනුවෙන් පැවසීය.

Read more

Local News