Home දේශීය පුවත් නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් නිවෙස් වෙත

නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් නිවෙස් වෙත

0
නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් නිවෙස් වෙත

අද (27) දිනයේ නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ පුද්ගලයින් 630 දෙනෙකු සිය නිවෙස් වෙත පිටත්ව යාමට නියමිත බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කරයි.

 

බූස්ස, හල්පිටිය, ඉරණමඩු, මුලන්කාවිල්, ගල්කිස්ස ඇතුළු නිරෝධායන මධ්‍යස්ථාන 10කදී නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ පිරිසක් මෙලෙස නිවෙස්වලට පිටත් කර හරින බව එම මධ්‍යස්ථානය පවසයි.

නිරෝධායනට ලක් වූ පුද්ගලයින් 33,041 දෙනෙකු මේ වන විට නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති අතර මධ්‍යස්ථාන 70ක් තුළ තවත් පුද්ගලයින් 7,386 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බව සඳහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here