Home දේශීය පුවත් මහනුවර බූවැලිකඩ ගොඩනැගිල්ල : ගිලා බැසීමට හේතුව

මහනුවර බූවැලිකඩ ගොඩනැගිල්ල : ගිලා බැසීමට හේතුව

0
මහනුවර බූවැලිකඩ ගොඩනැගිල්ල : ගිලා බැසීමට හේතුව

පසුගියදා ජිවිත තුනකට මරු කැදවම්න් කඩාවැට්මට ලක්වු මහනුවර, බූවැලිකඩ ගොඩනැගිල්ල කඩා වැටීමට හේතුව එහි ව්‍යුහයේ දුර්වලතා හා ඉදි කිරීම් අමුද්‍රව්‍ය ප්‍රමිතියෙන් තොර වීම බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කළ පරීක්ෂණයෙන් හෙළි වී ඇත.

 

අදාළ පරීක්ෂණයේ වාර්තාව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාට භාර දුන් බව එහි ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ලක්සිරි ඉන්ද්‍රතිලක මහතා සඳහන් කළේය.

ගොඩනැගිල්ල ඉදි කිරීම හා වැඩිදියුණු කිරීම සඳහා අවස්ථා 03 කදී මහනුවර මහ නගර සභාවෙන් අවසර ලබාගෙන ඇති අතර ලක්සිරි ඉන්ද්‍රතිලක මහතා පැවසුවේ, පළමුව මහල් තුනක් ඉදි කිරීම සඳහාත්, දෙවනුව තවත් මහලක් ඉදි කිරීම සඳහාත් නගර සභාවෙන් අවසර ලබා ගෙන ඇති බවයි.

තෙවනුව ගොඩනැගිල්ලේ හතර වැනි මහල හා මුදුන් වහල ඉදි කිරීම සඳහා අවසර ලබා ගෙන ඇතැයි ඔහු ප්‍රකාශ කළේ ය.

ගොඩනැගිලි ඉදි කිරීමට පෙර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන් අවසර හා උපදෙස් ලබා ගැනීමෙන් මෙවැනි සිදුවීම් අවම කර ගත හැකි බව ජ්‍යේෂ්ඨ භූ විද්‍යාඥ ලක්සිරි ඉන්ද්‍රතිලක මහතා පැවසීය.

පසුගිය 20 වැනිදා අලුයම බූවැලිකඩ මහල් ගොඩනැගිල්ල කඩාවැටීමෙන් යුවලක් සහ ඔවුන්ගේ බිළිඳු දියණිය මිය ගිය අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගොඩනැගිල්ලේ හිමිකරු වන අනුර ලෙව්කේ මහතා මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව පසුවෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here