Home දේශීය පුවත් රත්මලානේ රොහාගේ සමීපතමයින් 4ක් කොටු වෙයි

රත්මලානේ රොහාගේ සමීපතමයින් 4ක් කොටු වෙයි

0
රත්මලානේ රොහාගේ සමීපතමයින් 4ක් කොටු වෙයි

පාතාල කල්ලි සාමාජික “රත්මලානේ රොහා“ නැමැත්තාගේ සමීපතමයින් සිවු දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙයි.

 

ඊයේ (03) පස්වරුවේ පොලිස් විශේෂ කාර්ය බළකායට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර රත්මලාන ගොනාකෝවිල ප්‍රදේශයේ වළදමා තිබූ වෙඩි උණ්ඩ තොගයක්ද සොයාගත් බව පොලීසිය පැවසීය.

ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ටී56 වර්ගයේ උණ්ඩ 255 ක් , මිලිමිටර් 9 වර්ගයේ උණ්ඩ 4, මිලිමීටර 8 වර්ගයේ උණ්ඩ 3ක් මෙහිදී සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් “රත්මලානේ රොහා“ සමග නුවරඑළිය ප්‍රදේශයේ පැවති සාදයකටද සහභාගී වී ඇති බව සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබෙන අතර සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here