Home දේශීය පුවත් ඊයේ නොපැම්ණි බ්‍රැන්ඩික්ස් සේවකයන් අද පෙරවරු 10ට කලින් වාර්තා කරන්න

ඊයේ නොපැම්ණි බ්‍රැන්ඩික්ස් සේවකයන් අද පෙරවරු 10ට කලින් වාර්තා කරන්න

0
ඊයේ නොපැම්ණි බ්‍රැන්ඩික්ස් සේවකයන් අද පෙරවරු 10ට කලින් වාර්තා කරන්න

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන ගම්පහ ප්‍රදේශයේ පදිංචි හෝ එම ප්‍රදේශයේ කිසියම් ස්ථානයක නවාතැන් ගෙන සිටින සියලුම දෙනා ඊයේ(07) දිනයේ පස්වරු 4.00ට පෙර පොලිසිය විසින් දන්වන ලද මධ්‍යස්ථාන 14ට පැමිණෙන ලෙස කළ දැනුම්දීමට අනුව එම ආයතනයේ සේවක සේවිකාවන් 275 දෙනකු එම ස්ථාන වෙත පැමිණ සිටි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසී්‍ය.

 

එසේ පැමිණීමට නියමිතව සිටි සමස්ත සේවක සංඛ්‍යාව කොතෙක්ද යන්න පිළිබඳව මෙතෙක් ගණනය කර නොමැති බව පැවැසූ ඒ මහතා පැවසුවේ එසේ ඊයේ දින පැමිණීමට නොහැකි වූ සෙසු සේවක සේවිකාවන්ට අද(08) දිනයේ පෙරවරු 10.00ට පෙර එකී මධ්‍යස්ථාන වෙත පැමිණෙන ලෙස දැන්වීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.

සිය නිවෙස්වලින් හෝ නවාතැන් ගෙන සිටින ස්ථානයන්වලින් පැමිණ වහාම පස්වරු 4.00ට ප්‍රථම එම මධ්‍යස්ථාන වෙත වාර්තා කරන ලෙසද අදාළ නිරෝධායන නිවේදනය මගින් දැනුම්දී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here