Home දේශීය පුවත් මෙරට කොරෝනා රෝගීන් ගණන 4488ක් දක්වා ඉහළට

මෙරට කොරෝනා රෝගීන් ගණන 4488ක් දක්වා ඉහළට

0
මෙරට කොරෝනා රෝගීන් ගණන 4488ක් දක්වා ඉහළට

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 4488ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසීය.

 

දිවුලපිටිය හා මිනුවන්ගොඩ කොවිඩ් ආසාදිත පොකුරෙන් හඳුනාගෙන ඇති සමස්ථ ආසාදිතයින් ගණන 1053ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මිනුවන්ගොඩ කොවිඩ්-19 ආසාදිත පොකුරෙ ආශ්‍රිතයන් 18 දෙනෙකු සහ මිනුවන්ගොඩ ඇඟලුම් කර්මානත ශාලා සේවකයෙකු ආසාදිතයින් ලෙස ඊයේ හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය පැවසීය.

ඊයේ (08) දිනය තුළ පමණක් නව කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් 29 දෙනෙකු හඳුනා ගැණුනි.

විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයින් දස දෙනෙකුද කොවිඩ් ආසාදිතයන් ලෙස ඊයේ හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි හත්දෙනෙකු, කුවේට් සිට පැමිණි දෙදෙනෙකු සහ ඉරානයේ සිට පැමිණි අයෙකු ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

මේ වන විට කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් 1197 දෙනෙක් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here