Home දේශීය පුවත් කොළඹ වරාය නැව් තටාකාංගණය ආශ්‍රිත කොරෝනා රෝගීන් ගණන 31ක් දක්වා ඉහළට

කොළඹ වරාය නැව් තටාකාංගණය ආශ්‍රිත කොරෝනා රෝගීන් ගණන 31ක් දක්වා ඉහළට

0
කොළඹ වරාය නැව් තටාකාංගණය ආශ්‍රිත කොරෝනා රෝගීන් ගණන 31ක් දක්වා ඉහළට

කොළඹ වරාය නැව් තටාකාංගණය ආශ්‍රිතව වාර්තා වූ ආසාදිතයින් ගණන 31ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

මෙම ආසාදිතයින් හඳුනාගැනීම සඳහා දහසකට ආසන්න PCR පරීක්ෂණ ප්‍රමාණයක් සිදුකර තිබෙන අතර රත්නපුර ඇලපාත දඹුල්විටිය ප්‍රදේශයේ පදිංචි කොළඹ වරාය නැව් තටාකාංගණයේ සේවයකළ අයෙකුට ද වෛරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

මේ හේතුවෙන් දඹුල්විටිය ග්‍රාමසේවා වසමේ පවුල් 21කට අයත් පුද්ගලයින් 98 ක් ස්වයං නිරෝධායනය සඳහා යොමුකර ඇත.

මේ අතර කොළඹ නැව් තටාකාංගණයේ සේවය කළ තවත් පුද්ගලයකුට කොවිඩ් -19 ආසාදනය වී ඇතැයි අද (21) තහවුරුවීමත් සමග විමර්ශන ඔස්සේ ඔහුගේ ආශ්‍රිතයින් හඳුනාගනිමින් සිටි.

අදාළ පුද්ගලයා පෑලියගොඩ, පේරාදෙණිය, ගම්පොල, මාවෙල සහ කඩදොර වැනි ප්‍රදේශ රැසක සංචාරය කර ඇති බවට ද තොරතුරු අනාවාරණය වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here