Home දේශීය පුවත් තවදුරටත් හුදකලා තත්ත්වයේ පවතින ප්‍රදේශ

තවදුරටත් හුදකලා තත්ත්වයේ පවතින ප්‍රදේශ

0
තවදුරටත් හුදකලා තත්ත්වයේ පවතින ප්‍රදේශ

අද(16) දිනයේ අලුයම 5.00 සිට කොළඹ දිස්ත්‍රික්කයේ මරදාන, කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤ වීදිය සහ වේල්ල වීදිය යන පොලිස් වසම් හුදකලා ප්‍රදේශ ලෙස නම් කරනු ලැබිණි.

 

මේ වනවිට කොළඹ දිස්ත්‍රික්කයේ හුදකලා ප්‍රදේශ වශයෙන් නම් කර ඇති පොලිස් වසම් 12ක් තවදුරටත් එලෙසම ක්‍රියාත්මක වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේය.

එම හුදකලා කළ ප්‍රදේශ පහතින්.

01.මට්ටක්කුලිය
02.මෝදර
03.බ්ලූමැන්ඩල්
04.කොටහේන
05.ග්‍රෑන්ඩ්පාස්
06.වෙරළබඩ පොලිස් වසම
07.ආදුරුප්පු වීදිය
08.මාලිගාවත්ත
09.දෙමටගොඩ
10.වැල්ලම්පිටිය
11.කෙසෙල්වත්ත
12.බොරැල්ල

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය පොලිස් වසම ද අද අලුයම 5 .00 සිට හුදෙකලා ප්‍රදේශයක් ලෙස නම් කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව , ජා-ඇල , රාගම , කඩවත , වත්තල සහ පෑලියගොඩ, පොලිස් වසම් තවදුරටත් හුදකලා ප්‍රදේශ ලෙස පවති.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ හුදකලා ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කර ඇති පොලිස් වසම්වල පිහිටි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) අනුමත කර්මාන්ත ශාලා සෞඛ්‍ය බලධාරීන්ගේ දැඩි අධීක්ෂණය සහ මාර්ගෝපදේශ යටතේ පවත්වාගෙන යාමට අවසර ලබා දී තිබේ.

ඒ අනුව මරදාන , කොටුව , පිටකොටුව , කොම්පඤ්ඤ වීදිය , වේල්ල වීදිය සහ කෙසෙල්වත්ත පොලිස් වසම්වල පිහිටා ඇති අදාළ කර්මාන්ත ශාලා පවත්වා ගෙන යෑමට අවසර හිමිවනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here